Sunday, April 3, 2016

සිතන්න, ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කල හැකි ද?



මේ ගම්පහ දිස්ත්‍රීක්කයයි. වසර 2016යි. දිනය ලෝක කාන්තා දිනය හෙවත් මාර්තු අට වෙනිදායි. ස්තානය පොලීසියයි.කතාව කෙටියෙන් මෙහෙමයි.

ඇය ඉතා දුකසේ ජීවත් වන තරුනියකි. තමන්ගේ වසර 21 ක ජීවිතය තුල එකඳු වචනයක් හෝ කතා කිරීම ට ඇය අසමත් වූවාය. නමුත් ඇය යම් අධ්‍යාපන මට්ටමක් කරා ලඟා වූවා ය. පොහොර කවර ගැසූ නිවසක ජීවත් වෙමින් තම මවගේ ඉතා සුලු ආදායමින් ජීවත් වූ ඇයට සිහින ජීවිතයේ නොතිබුනා නොවේ. ඇය විවාහ වී දරුවන් හදමින්, තම සැමියාට හොඳ බිරිඳක, දරුවනට හොඳ මවක වන්නට සිහින දකින්නට ඇත. එහෙත් ඒ සිහින සියල්ල මේ සිදුවීම නිසා බොඳ වූ බව දැන් අමුතුවෙන් කිව යුතු නැත.

තම මවගේ ඉතා සුලු ආදායමින් ලබාගත් මුදලින් තමන් සාමාජිකත්වය දරන සංවිධානයක වාර්ශික සාමාජික මුදල් ගෙවා තම සාමාජිකත්වය යාවත්කාලීන කරගැනීම සඳහා ඇය මාර්තු හත් වෙනිදා නිවසින් පිට වූවාය. අදාල මුදල් ගෙවා දැමීමෙන් පසු ඇය නිවස ට පැමිනෙමින් සිටියා ය. මේ අතරතුරයි ඇයගේ ජීවිතය බිඳ දමන ඒ පාපතර සිදුවීම සිදු වන්නේ.

මොටෝ බෛසිකලයකින් පැමිනි යම් පුද්ගලයෙක් ඇයගේ අතින් අල්ලාගෙන ඇදගෙන යනවා. මේ මොහොතේ ලඟපාතක වෙන කිසිවකු හෝ නැතිනම් ඔබ හැකි වෙර යොදා කෑ ගසා උදවු ඉල්ලා සිටිනවා. නමුත් ඇය? දැන් ඇයගේ තත්ත්වය ඔබට වටහා ගත හැකි වේවි. මේ ලිපිය කියවන කාන්තාවකට විෂේශයෙන් මේ ගැන දැනේවි. ඒ මොහොතේ ඇයට කර කියාගත හැකි කිසිවක් තිබුනේ නැහැ.

එලෙස වෙලක් ලඟට ඇදගෙන ගිය ඇයව වෙනත් පුද්ගලයෙකුට බාර දී රූ.2000 ක් ලබා ගත් බව ඇය පවසනවා. දෙවැනි පුද්ගලයා විසින් ඇය ව ඇදගෙන යන්නේ වෙල එහා කොනේ තියෙන යමක් සඳහා බාවිතා කල තැනිතලා කොංක්‍රීට් වැනි බිමකටයි. එතැනදී ඇය ඒ තිරිසන් මිනිසා අතින් දූෂනය වනවා. නමුත් මේ සිදුවීමෙන් නොනැවතුනු මේ තිරිසනුන් යලි කලින් ඇය රැගෙන ආ පුද්ගලයා ගෙන්වාගෙන ඇයව බලහත්කාරයෙන් පාලු නිවසකට ගෙන යනවා.

එහිදී ඇය විෂාල පීඩා රැසක ට මුහුන දෙනවා. එක් අයෙකු වෙනුවට සිව් දෙනෙක් අතින් අතවරයට ලක් වන මේ තරුනිය එදා රාත්‍රිය නිදි වර්ජිතව ගත කරනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. මිනිස් වෙස් ගත් අදම තිරිසනුන් සිව්දෙනෙකුගේ කාම පිපාසාව සන්සිඳුවීම සඳහායි. මේ සිව්දෙනා විටින්විට ඇයව කෙලෙසන අතරතුර විවිද තාඩන පීඩන කරමින් ඇයගෙන් තම විකුර්ති කාම ආෂාවන් ද සන්තර්පනය කර ගන්නවා. එක් අවස්තාවකදී ඇයව දෑතෙන් ඔසවා දෙපතුල් බිම වදින සේ වැරෙන් පොලවේ ගැසූ බව ද ඇය පොලිසිය හමුවේ කියා තිබුනා. ඒ අවස්තාවේ දරා ගත නොහැකි වේදනාවක් කොන්දේ ඇති වූ බවත් ඇය විසින් කියා තිබෙනවා.

පසුවදා කාන්තා දිනය උදා වන උදයේ තම වගකීම කාන්තාවක් වෙනුවෙන් ඉටු කල මේ පාපතරයින් ඇයව නිවෙස අසල තැනක හැර දමා පලා යනවා. ගෙදර ගොස් මවට මේ සිදුවීම කියන ඇය මව සමග පොලිසියේ පැමිනිල්ලක් ද දැමීමට තරම් නුවනැති වනවා.

දැන් සිදුවීම පිලිබඳ පොලිස් පරීක්ෂන ක්‍රියාත්මකයි. අදිකරන ක්‍රියාමාර්ගයන් සඳහා යොමුවී ඇතිද යන්න මා නොදැන සිටියත් නිසැක වශයෙන්ම ඒ සඳහා යොමු වේවි. නමුත් පොහොරකවරයෙන් වැසූ නිවෙසක සිටින ඇය ට යුක්තිය ඉටු කර ගත හැකි වේවි ද? සියලු දේ හමුවේ මුදල් නමැති බාදකය ඇයගේ යුක්තිය වෙනුවෙන් හරස් වේදැයි මට සිතේ.

එහෙත් කාන්තා දිනයේ ඇය වෙනුවෙන් සමාජය දුන් දායාදය කොයි තරම් අපූරු ද? යෝජිත විවාහයකින් තම ජීවිතයේ සිහින සැබෑ කරගන්නට පෙරුම් පිරූ ඇයට දැන් මේ විවාහ සිහිනය ද අහිමි වී ඇති බවටයි ආරන්චි ලැබෙන්නේ. ආබාධ සහිත වූවන් සඳහා වන කිසිඳු කතා බහකින්, සමුලුවකින්, නීතියකින්, පෙලපාලියකින්, ලේ වැගිරීමකින් ඇය වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු කල හැකි ද? සමාජ යුක්තිය යනු මෙය ද?

28 comments:

  1. කසුනෝ............

    මේ රටේ මිනිස්සුන්ට මාතෘකා වෙන්නේ මාධ්‍ය වලින් පෙන්නලා උඩ දාගෙන අාතල් ගන්න පුළුවන් දේ විතරයි. මාධ්‍ය ඒවා ගේන්නේ විකුණන්න හැකිනං විතරයි. එහෙම නොවන හැම එකක් ම කොහේ හරි මුල්ලක් සද්ද නැතුව වැළලිලා යනවා.... මේ වෙනුවෙන් තමා හඩ නැගිය යුත්තේ..... උන්ටයි සාධාරණය හොයා දිය යුත්තේ....... උඹේ අදහසට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මේකත් උන්ට ආතල් ගන්න පුලුවන් හොඳ මාතෘකාවක්. මොන හේතුවක් නිසාහරි මේක උං ගත්තෙ නෑ. හැබැයි එක චැනල් එකක් දැම්මනම් අනිත් ඔක්කොම දානවා.

      Delete
  2. අද වන විට උඩින් ලැබෙන හයියක් නැතිව කිසිම දෙයක් සාධාරණව සිදුකරගත නොහැකි තත්වයට සමාජය පත්වෙලා හමාරයි.එක්කෝ ගණන් නොබලා විසි කරන්නට මුදල් තිබිය යුතුයි.නැත්තම් ඉහලින් කෝල් එකක් වත් දියහැකි විය යුතුයි.
    තම වැර වෑයමෙන් ගෞරවනීයව දිවි ගෙවනා ගස්ලබ්බාගේ අසල්වැසි වැන්දඹු කාන්තාවක් යම් ගැටළුවක් නිසා මේ දින වල ග්‍රාමසේවක සහ පොලීසිය විසින් වටේ යවමින් වගකීම් විරහිතව ගැසිරෙන ජුගුප්සාජනක ආකාරය ගැන අන්තයට කලකිරී සිටින මොහොතකයි මේ ලිපිය දැක්කේ. සිංහල නොවීම සහ දේශපාලන හයිය ලැබීම නිසා නීතිය බිංදුවටත් එහා තැනකට තල්ලු කර ඇතැමුන් වරප්‍රසාද ලබන බව නම් කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ගස් මමත් සමහර සිද්දි නිසා දේෂපාලනය, රාජ්‍ය සේවය වැනි දේ ගැන කලකිරීමෙන් ඉන්නෙ. මෙහෙම ගිහින් අපි කොහේ යයිද කියල හිතෙනවා.

      Delete
  3. බල්ලොන්ටත් අන්ත බල්ලො.. බල්ලන්ට නීති නෑ මල්ලි...

    මාධ්‍ය වලටත් තියෙන කැතම විදියට විකුණන්න පුළුවන් වෙන විදිහට ඉස්සරහට එනවනං විතරයි මාධ්‍ය හරහා නීතියෙන් සහනයක් ගන්න පුළුවන්... කාන්තා සංවිධාන ගැන නං ඉතිං මං දන්නෑ..

    ReplyDelete
    Replies
    1. බල්ලො ගැන කතා කරල වැඩක් නෑ. පව් අහින්සක බල්ලොත් මේ වගේ තිරිසනුන් නිසා අපහාසයට පත් වෙනවා. මේ සිද්දිය මාද්‍ය පතුරු නොගැසීම ගැනනම් තියෙන්නෙ සතුටක්. එහෙම උනානම් මේ ලමයගෙ අනාගතේ තවත් අඳුරු වෙන්න ඉඩ තිබුනා.

      Delete
  4. Replies
    1. කතාව අහපු වෙලාවෙත් මට එහෙම උනා. දැනුනු තරහයි දුකයි දෙකම මෙතන ලිව්වෙ.

      Delete
  5. මේ ගැන ලිවීම අගය කරනවා.කණගාටුවකට වගේ ලංකාවේ ස්ත්‍රී දූෂකයන්ට තද නීති රීති නැහැ.එක පාපතර වැඩක් කරලා අහු වුණාම ටික දවසකින් ආයෙ උන්ව නිදහස් කරනවා.හරියට රටේ නීතියක් ඇති වෙනතුරුත්, ලංකාවෙ ඔය ජාතියෙ පිරිමි ගැහැණුන් දිහා විවෘත මානසිකත්වෙකින් බලන්න පටන් ගන්නා තුරුත් ඔය දේවල් වළක්වන්න අපහසුයි. අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රටේ ආකල්ප සංවර්ධනය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වැසි, ඔයා එක්ක එකඟයි.

      Delete
  6. බල්ලන්ට නිග්‍රහ නොකරව්! බල්ලොවත් මෙහෙම වැඩ කරන්නෑ.

    ReplyDelete
  7. මිනිස්පුලුටක් නැති පලාතක්ද බං , නැත්තං දැක දැක අහකබලාගන ඉන්නවා ඇති ....තිරිසන්නු

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නැති. ඒ ගැන කියන්න දන්නෙ නෑ අටමයියෙ. අන්ත තිරිසන්නු ජාතියක්.

      Delete
  8. කතා කරන්න පුලුවන්,,,, කෑ ගහන්න පුලුවන් අය වෙනුවෙන් කතා කරන්න, කෑ ගහන්න ඕනෑ තරම් අය ඉන්නවා... ඒත් වචනයක් කතා කරන්න බැරි කෑගහන්න බැරි ඒ සහෝදරිය වෙනුවෙන් තාම කවුරුත් කතා කළාධ? නෑ....
    අර කියුවත් වගේ මීඩියාකාරයන්ට ඕක මේ දවස් වල ගානක් නෑ. මොකද වෙන වෙන දේවල් තියනවානේ. එක අතකින් මීඩියා වලට ඕක මීටර් නොවුන එක හොඳයි. මතකනේ සේයාගේ සිද්ධිය. පන පිටින් ඉන්න මේ ළමයා තව තවත් පීඩාවට පත් වෙනවා මීඩියා වලට අහු උනානම්.

    කාන්තා අයිතීන් ගැන කතා කරන්න කලින් මේ වගේ දේ සම්බන්ධයෙන් තියන නීති තව දැඩි කරන්න ඕනේ. ඒ තිරිසන්නුන්ට නීතිය කෙසේවෙතත් ස්වභාවධර්මයේ දඩුවම් ලැබෙයි. ඒකෙන් උන්ට බේරෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. මීඩියා පතුරු නොගහපු එක අනාගතේට හොඳයි.

      Delete
  9. හප්පා බං ....
    මොනා කියන්ඩද ...
    නීතියවත් හරියට ක්‍රියාත්මක වෙයි කියල හිතන්නවත් බෑනෙ බන්

    ReplyDelete
    Replies
    1. අපි වෙන්නෙ මොනවද කියල බලාගෙන ඉමු මචං.

      Delete
  10. අපොයි මෙහෙම තිරිසන්නු රැලක්. මේකට පොලිසිය ක්‍රියාත්මක වෙනවා කියල හිතනවා. නරක විධිහට නැතිව සාධාරණයක් වෙන විධිහට ප්‍රචාරයක් දෙමු. නැත්නම් මීඩියා වලින් වවාගෙන කන්න ගනියි හැබැයි.

    ReplyDelete
    Replies
    1. දැනට පොලිසිය නිවැරදි දේ කරන බවයි දැනගන්න තියෙන්නේ. මීඩියා මේ කේස් එක අතට ගත්තොත් ඉවරයි. ඒ ලමයගෙ අනාගතේ උන්ටම බාර දෙන්න තමා වෙන්නෙ.

      Delete
  11. මේ වගේ සිද්ධි කියවනකොට කම්පනයක් ඇති වෙනවා.

    ...//නමුත් පොහොරකවරයෙන් වැසූ නිවෙසක සිටින ඇය ට යුක්තිය ඉටු කර ගත හැකි වේවි ද?//...

    එතැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නඩු වාර දෙකතුනක්වත් සල්ලි ගෙවල ලෝයර් ල අල්ලන්න වෙයි. ඒවට කෝ සල්ලි. තියෙන කරදරවලට අමතර තවත් එකක් ඔලුවට කඩං වැටුනම ඉතිං ඉවරයි.

      Delete
  12. පුදුම වේදනාවක් හිතට ආවා ...

    ඇය වෙනුවෙන් සැබෑ යුක්තිය ඉටු විය යුතු වුනත් සැබවින්ම යුක්තිය ඉටුවේවිද කියන එක ප්‍රශ්ණාර්ථයක්.

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉමු තුෂානි. තවම ඒ පැත්තෙන් ගැටලුවක් නෑ. ඉදිරියට මොනව වේවිද?

      Delete
  13. අපි ජීවත් වෙන්නේ මෙහෙම රටකද කියලා හිතෙනවා කසුන් අයියේ. ඈ වෙනුවෙන් හඬක් වුන අයියට ස්තුතියි. එත් ඒ හඬ කොතෙක් දුරට යාවිද, අපි මනුෂ්‍යත්වය අරන් කොහෙටද මේ යන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයට හඬක් නැති නිසා වෙන්න ඕනේ ඇය වෙනුවෙන් හඬක් නැත්තේ.
      කියල වැඩක් නෑ සොමියා.

      Delete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.