Sunday, April 17, 2016

අමුතු කතාවක් 1: පළමු අතුරුදහන් වීම

කැඩපත ඉදිරියේ සඳලතා කුමාරිහාමි වෙනදාට වඩා කල් ගත කළේ එදින පාසලේ ප්රධාන රැස්වීමේ දේශනයක් ඇයට තිබුණු නිසයි. මේ වන විට කුමාරිහාමිට වයස 50 කට ආසන්න වෙමින් තිබුණත් ගුරුවරියක් වශයෙන් වගේම වලවුවේ කුමාරිහාමි වශයෙන් ඇය තම රූපය හා ඇදුම් පැලදුම් ගැන සැලකිලිමත් උනා.

   “අම්මේ මගේ ටයි එක නෑ. අක්කා හංගලා

“නෑ අම්මේ නංගිගේ බොරු. මගෙ දකුණු කකුලෙ මේස් එකයි වම් කකුලෙ සපත්තුවයි නෑ. නංගි ඒක හංගලා. දැන් බේරෙන්න හදනවා.

 තම දියණියන් දෙදෙනාගේ පැමිනිල්ල ඇසෙත්මකුමාරිහාමීට මාරාවේස උනා.

“දෙන්නම මගෙන් උදේම වේවැල් පාර නො කා ලෑස්ති උනොත් හොඳයි. මට පරක්කු වෙලා තියෙන්නේ. තව විනාඩි 5 යි බලන්නේ. මං යනවා.

“අනේ අම්මේ ඇත්තමයි කියන්නේ පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ. නංගිට කියන්නකෝ මට මගේ මේස් එකයි සපත්තුවයි දෙන්න කියලා.

තිදෙනාම එක් වී මේස් සපත්තු ටයිපටි ගේ සෑම තැනම හෙව්වා. ඒත් කිසිම තැනක මේ කිසිම දෙයක් තිබුනේ නෑ.

“මොකද මේ සද්දේ? වත්ත පහළටම ඇහෙනවා ගෝසාව. අම්මලා දුවලා උදේට ඉස්කෝලේ යන්ට ලෑස්ති වෙනවා අහල ගම් හතම දන්නවා ඇති.

“නෑ නිලමේ. මේ දෙන්නගෙ එක එක දේවල් නැති වෙන්නේ ඉස්කෝලේ යන්ට ඔන්න මෙන්න තියනකොටමයි. කොච්චර කියුවත් අහන්නෑ කලින් දවසේ ලෑස්ති කර ගන්ට කියලා.

“ඇයි අද මේ දෙන්නාගේ මොනවද නැත්තේ?

“ලොකූගේ දකුණු කකුලෙ මේස් එකයි වම් කකුලෙ සපත්තුවයි නෑලු. පොඩීගෙ ටයිපටිය නෑලු.

“හක් හක් හක්... පුදුම විදිහටනේ නැති වෙලා තියෙන්නේ. මේ දෙන්නට ගිය සතියේ දුන්න ඉස්කෝලේ වැඩ දැන් වෙන්ට ඇති මතක් වෙන්ට ඇත්තේ. ඒකයි මේ එක එක ඒවා නැත්තේ.

“නෑ අප්පච්චි ඊයේ රෑ අපි දෙන්නම ඔක්කොම ලෑස්ති කළා,.”

“හරි දැන් මෙච්චරයි, ලොකු සපත්තු අදට ඕනෙ නෑ. තියන සෙරෙප්පු දෙකක් දාගන්ට. පොඩි ටයි එක ඉස්කෝලේ ගිහින් ඇවිත් හොයමු.

බලාපොරොත්තු කඩ වූ ස්වරූපයෙන් ලොකූ නම් වූ සඳමිණී සහ පොඩී නම් දෙව්මිණී සූදානම් වී අම්මා සමග පිටත් උනා.
කුමාරිහාමී සහ දියණියන් දෙදෙනා පාසල් ගියපසු නිලමේට මහා පාලුවක් දැනෙන්නට උනා. මීට කාලෙකට කලින් නම් වලව්වේ හැම දේකටම සේවකයෝ සිටියත් අද ඇත්තේ කීපදෙනෙක් විතරයි. ඒ අයත් එන්නේ පනිවිඩ ඇරියොත්. මිදුලට බැස්ස නිලමේ දුටුවේ දින කීපයක සිට මිදුලේ තැන තැනත් වත්ත පුරාත් ජරා කරන බලළා පුරුද්දට අදත් එසේ කර ඇති බවයි. උදැල්ලක් ගත් නිලමේ ඒවා සුද්දකරන්නට පටන්ගත්තා.
“නිලමේ, මොකෑ මේ කොරන්ට තනන්නේ.

“නෑ බං සාදිරිස්, මේ දවස් ගානක ඉදලා බළලෙක් හැම තැනම ජරා කරනවා. මං මේ සුද්ද කරන්ට බැලුවේ.
“කෝ දෙන්ට නිලමේ මං සුද්ද කරන්නම්.

කියූ සාදිරිස් උදැල්ලත් නිලමේ ගෙන් ඉල්ලාගෙන සුද්දකරන්නට උනා.
“ඇයි නිලමේ මේ සපත්තු මේස් ටයිපටි විසිකොරොලා?

“ආ උදේ සුදු මැණිකෙයි චූටි මැණිකෙයි ඕවා හෙව්වා. දෙන්නට යන්ට කම්මැලි හිතිලා හංගන්ට ඇති කියලා මං කීවා.

“පොඩි දරුවෝනේ නිලමේ. මේන් මේවා ඇරන් තියන්ට හොදා.

පාසල් ඇරී නිවසට ආව සඳමිණීත් දෙව්මිණීත් මේස් සපත්තු ටයිපටි දැකලා පුදුම උනා. ඒවායේ මඩ තැවරී තිබුණු නිසා නිලමේ ඒවා සෝදා තිබුණා. හවස් වන විට පාසලෙන් දුන් වැඩ කිරීමට සූදානම් වූ සඳමිණී පොත් පත්තර මිටියක් ද ගෙන මේසය මත තබා ඒ අසලින් වාඩි උනා. මිදුලේ ඇසුණු සද්දයකට තිගැස්සුණු ඈ ජනලය දෙස බැලුවත් එහි දකින්නට කිසිවක් තිබුනේ නෑ. යලිත් තම කාර්ය අරඹන්නට සිතා මේසය දෙස බැලූ සඳමිණීට තම දෑස අදහා ගන්නට නො හැකි උනා. පොත් පත්තර වලින් පිරී තිබුන මේසය  මත කිසිවක් නැහැ. මේසය හිස් වී තිබුණා. මේසයට එලා තිබුණු නිල් පැහැ ඉටි රෙද්දත් සමග සියල්ල අතුරුදහන් වී තිබුනා.

මතුසම්බන්දයි

ප/ලි.

දැනට වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ එක් ප්‍රදේශයක එක් පවුලක් මුහුණපාන සිදුවීම් ධාරාවක් මේ කතාව ඔස්සේ දිගහැරේ. මෙහි එන නම් ගම් සියල්ල මනක්කල්පිත ය. මන්ද මේ පරම්පරාව රටේ යම් ප්‍රසිද්ධියක් දරණ පිරිසක් බැවිණි. කතාවේ ඉදිරියට තවත් බොහෝ දෑ කියවෙනු ඇත. ඒවා ඔබට අදහා ගත නොහැකි වනු ඇත. පිස්සු, බොරු, මනස්ගාත කියා සිතෙනු ඇත. එය සාදාරණ ය. නමුත් ඒ සියල්ල 2004 සිට 2014 කාලය තුළ මෙන්ම ඊට පෙර ඉහත කී පවුල මුහුණ පෑ සිදුවීම් පෙළකි. මේ වන විට ද ඇතැම් දේ සිදුවෙමින් පවතී..ඒ සියල්ල ඔබට ඉදිරියේ දැනගන්නට ලැබෙනු ඇත.

44 comments:

  1. මේ මොකක්ද නිර්මාණි මේ කතාව.
    පලවෙනි කොටසෙන්ම අපිව කොහේදෝ අමුතු තැනකට ගෙනියන්න හදනවා වගේ...

    සත්‍ය සිදුවීමක් කිව්වම තවත් කුතුහලය වැඩියි...
    මොනා වුනත් ඊළඟ කොටසටත් නොවැරදීම එන තියෙන ආසාව බොහොම වැඩි වුනා..

    ඊළඟ එකටත් එන්නම් එහනම්...OK?


    ReplyDelete
    Replies
    1. ඒකනේ මේකට අමුතු කතාවක් කියුවේ විභී.. එන්නකෝ දිගටම... ස්ුතී...

      Delete
  2. භූත කේස් එකක් වගේ. හොඳට කුතුහලය ඇවිස්සුවා. ලිවීමත් ලස්සනයි. බොහොම ස්තූතියි නිර්මාණි

    ReplyDelete
    Replies
    1. ස්තුතීයට ස්තූතී...
      අපි බලමුකෝ නේද?

      Delete
  3. මුල ටික සාමාන්‍ය කතාවක් වගේ කියෙව්වා මැදට යද්දි වෙනස් උනා අන්තිම සටහන දැක්කම සම්පුර්ණයෙන් අනෙක් පැත්ත ගැහුනා. මට අන්තිමට මතක් උනේ කොග්ගල නිලමේ කතාව. දිගටම කියවන්න ලෑස්තිවෙලා ඉන්නෙ ඔන්න ..

    ReplyDelete
    Replies
    1. ස්තූතී හංසි.. එන්නකෝ දිගටම.

      Delete
  4. හෑ... නිර්මාණී..?? බූතයෙක් ගෙන්නන්න වගේ? එල එල
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ භූතයන්ට කැමතිද??? බලමුකෝ ගෙන්නන්න වෙයිද? එලවන්න වෙයිද? එහෙමත් නැත්තන් වෙන කේස් එකක් වෙන්නත් පුලුවන් ගස්ලබ්බෝ....
      ස්තුතී...්‍ජයවේවා...

      Delete
  5. බූතයො කමෙන්ට් කරල නෑ තාම...
    ඕ සොරි, මං කලානෙ.
    කෝ මේ ලව්පූස්?

    ReplyDelete
    Replies
    1. හෙහ්... පූස තව ටිකකින් එයි.

      Delete
    2. සුදූ ලස්සන ස්වීට් බූතයෙක් කමෙන්ට් කරල එකටම.. කැස්පර්ගෙ මල්ලි වාගෙ :D

      Delete
    3. චැක් මාත් කමෙන්ට් කරා නේහ්...

      Delete
  6. හොද කතාවක් පටන් ගත්තා කියලා හිතුවාට ඇත්තට ම වෙලා තියෙන දෙයක් කිව්වා ම පුදුම හිතුණා..... දිගට ම ලියමු...

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු... එන්නකෝ. අඩුපාඩු තිබුනොත් කියන්නකෝ...

      Delete
  7. දැං මේ නිර්මාණි කියන්නේ කවුද බං

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකට පෝස්ට් දාන අනිත් එකී.

      Delete
    2. දැං මේ බූතයා කව්ද බං එතකොට ?? හැක හැක

      Delete
    3. ඉස්සරහට බලමුකෝ කවුද බූතයා.. එහෙම නැත්තන් බූතයෙන් නැතුව වෙන කේස් එකක්ද කියලා...

      Delete
  8. ඒබ්‍රහම් ටී කොවුර් ගේ පර්යේෂණ සම්බන්ධව, මෙවැනි සිදුවීම් කියවා තිබෙනවා. මේ සියල්ල යම් ආකාරයක මනෝ විකෘතිතා ලෙසයි සැලකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න බූත තෙමේ ආවා

      Delete
    2. නෑ නෑ... කලින් භූතයෝ දෙන්නෙක්ම ඇවිත් හිටියේ...

      Delete
  9. කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන එකක් කියල හිතුවේ . බලදී අමුතු මානයකට යන කතාවක් වගේ , හොඳයි බලමුකො ,

    ReplyDelete
    Replies
    1. ඒකනේ අමුතු කතාවක් කියුවේ.... අන්න ප්‍රජේ ඉවාන්ව හොයනවා....

      Delete
  10. ආ... ඊලගට මොකෑ වෙන්නේ හරි අපුරැ බවක් දැවනනවා..

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉවසන්නකෝ කිබුලී...

      Delete
  11. කතාව නං අපුරු කතාවක් වෙයි වගේ.. සුපර් නැචුරල් සීරිස් එකක් බලන්න මග බලන් ඉන්නව ඔන්න.
    ප.ලි . ය නං ඕන තරමට වඩා දිග වැඩිද මංද..

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ නේද? උපරිම කෙටියෙන් කියන්න උත්සහ කරනවා මහේශ්.

      Delete
    2. නිර්මාණිගේ නිර්මාණයක් කියල හිතුවට ඇත්ත කතාවක්ලු නේද?දිගටම බලමුකො.

      Delete
    3. ඔව් අයියේ මේක එහෙම එකක් තමයි. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට......

      Delete
  12. මට හිතුනේ පූසා කරන වැඩ කියල. කටහ්ව කියවලම බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. පූසගෙ දේ එක පුංචි දෙයක්... ඒක ඉස්සරහට දැනගන්න ලැබෙයි....

      Delete
  13. අගෙඉ, බලමු,

    ජයවෙ

    ReplyDelete
  14. අනිතිම ඡේදය කුතුහලය ඇවිස්සුවා ... බලමු බලමු...

    ReplyDelete
    Replies
    1. ආ එහෙම උනානම් හොඳයි....

      Delete
  15. මාතෘකාවෙන් කියලා තියෙනවා වගේම අමුතු කතාවක් වගෙයි. පසුලිපිය කියෙව්වම හිතුණේ හොල්මන් කතාවක් වෙන්න ඇති කියලා. හැමදේම හොඳින් කෙළවර වෙන හොල්මන් කතානං මං කියවනවා. ඒ වුනාට ඔන්න හොල්මනේ බාගයක් ඉතුරු වෙලා ඉන්දැද්දි කතාව ඉවර කරනවානං එහෙම මං කියවන්නෙ නෑ. :P

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මොන වගේද කියන්න බෑනේ.... හැබැයි මේක බූත කතාවක්ම නෙවෙයි... බූත කතාවක් විතරක් නෙවෙයි.

      Delete
  16. ලව්පුසා කියන දේකට මාත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. මොකෝ උඩ කොමෙන්ට් එකේ චැක් කියලා??
      ආ දැන් බූතයෝ තුන්දෙනයි.... අඩු වෙලා හිටියේ මෙච්චරයි...

      Delete
  17. Missed this part. Now going to read the next. Looks interesting

    ReplyDelete
  18. මේ කට්ටියටම නිර්මානි හොයා ගන්න ඕන නම් මට පුළුවන් මගෙ වම් කනින් පෙන්නලා. දකුනු ඇහෙන් විස්තර දෙන්න

    ReplyDelete

මේ පෝස්ටුව ගැන ඔබේ සැබෑ අදහස සටහන් කර යන්න.