Tuesday, July 28, 2015

අපූරු සඳ



ගණදුර පැතිරුණු නුබ ගැඹ,
හොරෙන් හොරෙන් සඳ වඩිමින්,
 අදුර පලා යයි නිතොරින්,
සක්මන් කරමින් දසතේ,
මුවා වෙමින් තුරු අතරේ,
සඳ පිණි දිය වස්සන්නේ.

සුනිල්ගෙ වත්තේ හොර පොල් කඩණ්න,
සයිම ගියා රෑ පානේ,
ගහ වෙත පියමනින විටදි,
සඳ ඇවිදින් ඔහු ලඟටම,
අද නම් අල්ලලා දෙනව,
නොගියෝතින්  ගෙදර හනික,
කියුවා රහසෙම ඔහු හට,

සිරියා බලන්න සුමනේ,
පිළිකන්නෙන් පිට වූයේ,
අඹ ගහ මුඳුනේ උන් සඳ,
 රවා බලයි සුමනය දෙස,

රෑ වැඩ නිම වී සිරිමල්,
කනත්ත ළං වන විට ගැහෙමින්,
නිවසට යන්නට විගහින්,
පිය නැඟුවා බියෙන් සැකෙන්,
පඳුරට සඳ මුවා වෙලා,
හොරෙන් බලා සිනා සුනා,
බිය වී සිරිමල් වෙවුලා,
උඩ පැන සඳ සිනා සුනා,

හරක් හොරකමේ යන දෙන්නේක්,
ගාල ළඟට ළං වූවා,
හොරෙන්ම පැන දුව ආ සඳ,
සොරු දෙදෙනට බැන වැඳුනා,
සඳට හොරෙන් බෑ කිසිවක්,
 කරන්නනම් මෙහෙම ගියොත්,
කියමින් උන් පා නැඟුවා.


සත්‍යා නිර්මාණී වීරසූරිය.

Friday, July 17, 2015

කෙල ගැසීම සහ දඩ ගැසීම


මෙම පෝස්ටුව ලියන්න හිතුනේ මටම දකින්න ලැබුනු සිදුවීමක් නිසා. පොලීසිය ගැන එක එක විදිහේ කතා රටේ හැම පැත්තෙන්ම ඇහෙනවා. ඒ අතරේ මේ සිද්දියත් විෂේශයි කියලා මට හිතුනු නිසයි ලියන්නේ.්‍
මෙන්න මෙහෙමයි කතාව.
මම මොරටුවේ ඉඳලා පිලියන්දල යන බස් රතයකට ගොඩ වුනේ පිලියන්දලින් මොරගහහේන ට යන්න. බස් එකේ මිනිස්සුත් ටිකක් හිටියා. හැබැයි අපිට පුරුදු විදිහට පොල් පටවනවා වගේ පටවලානම් නෙවෙයි. නමුත් පුරුදු විදිහට කොටකොටා යන්න ඩ්‍රෛවර් තැනට අමතක වෙලා තිබුනේ නම් නෑ.
ඔන්න ඔය විදිහට සුවාරුපොල කිට්ටුවට එනකොට පොලිස් කාරයෙක් බස් එක නතර කලා කියමුකො. අපේ බස් එකේ ඩබලත් බැහැලා ගියා කියමුකෝ. මෙන්න ටිකකින් කොන්දොස්තර් ඇවිත් බස් එකේ මිනිස්සුන්ගෙන් අහනවා කවුද බස් එකෙන් කෙල ගැහුවෙ කියලා. හැබැයි බස් එකේ මිනිස්සුන්ට නම් කෙල ගැහුවේ කෞද කියලා හොයාගන්න බැරි වුනා.
දැන් මේක කියවන ඔයාලාටනම් වැඩේ පැහැදිලි ඇති. බස් එකේ මගියෙක් කෙල ගැහුවා කියලා එදා මේ බස් එකට දඩ කන්න සිද්ද වුනා.
දැන් අපි මේකේ යුක්තියුක්ත බාවය කොයි තරම් ද කියලා සාකච්ඡාවක් කිරීම වැදගත්. මම මගේ අදහසත් එකතු කරලා ම නවතින්නම්. මුලින්ම කියන්න ඕනේ මටත් ඒ වෙලාවේ මාරයා ඇවිස්සිලා හිටපු බව. පොලීසියේ අපරාද හොයන උන්ට බල්ලෝ කියලා කියන්නේ ඇයි කියලත් මට හිතුනා. උන්ට නිලදාරියෝ කියලා මේ වගේ පාරවල්වල ඉඳගෙන ඉවක් බවක් නැතිව මේ විදිහට දඩ ගහන උන්ට ඒ නම කිවුවනම් හොඳයි නේද? මම එහෙම කියන්නේ පොඩි ලමයි අනන්ත බස්වලදී වමනි දානවා. ලෙඩ වුනු මිනිස්සු යනවා. බබාලා හම්බෙන්න ඉන්න අම්මලා යනවා. ඒ කෙනෙක් වුනානම් මෙය කොයිතරම් වැරදි ද යන්න අලුතෙන් කිව යුතු නෑ නොවෙද?

කසුන් නයනජිත්


Tuesday, July 14, 2015

අහසෙන් එහා සිටින ඔබ වෙත...

මා ප්‍රිය සෛබර් සහුර්දයනි!
අහසෙන් එහා බ්ලොගයෙන්  මා ඔබට සමීප වන්නේ මා දකින මට හැඟෙන මට ඇසෙන දේ ඔබත් සමග බෙදා ගැනීමටයි. මෙහිදී මා ඔබට යමක් කිව යුතුය.
මෙම අඩවියේ ගුන දොස් විවේචනය සහ ඕනෑම කොමෙන්ටුවක් දැමීමේ අවස්තාව මා ඔබට පිරිනමන්නෙමි. කිසිඳු බාදාවකින් තොරව මෙම බ්ලොගය නරඹන ඔබසැමට එම අවස්ථාව ලබා දෙන්නෙමි. දිගටම රැඳී ඉන්න.
ස්තුති...
කසුන් නයනජිත්

මාතලන් ට ස්තුතිය...

මේ මාගේ පලමු බ්ලොගයයි. පමා වී හෝ මෙලෙස බ්ලොග නිර්මාන කරුවන් අතරට එක් වීම ට ලැබීම පිලිබඳව මම සතුටු වෙමි. මෙහි පූරන ගෞරවය හිමි විය යුත්තා මාතලන් ය. ඔහු විසින් බ්ලොග් නිර්මානය පිලිබඳ සටහනක් නොයොදන්නට මා තවමත් බ්ලොග් නිර්මාණ කරුවන් අතර නැත. මෙය ඉතා කෙටි පෝස්ටුවක් උවද ඉදිරියේදී විවිද මාදිලියේ පෝස්ට් තුලින් හමු වෙමු.